පළමු පාඩම-(මධ්‍ය සැකසුම් එකකය)(7)

මධ්‍ය සැකසුම් එකකය (central processing unit - CPU)

මධ්‍ය සැකසුම් ඒකකය යනු කුමක්ද?

  • මධ්‍ය සැකසුම් ඒකකය(CPU) යනු ලබා දෙන උපදෙස් අනුව ක්‍රියත්මක වෙමින් දත්ත සැකසීම සිදු කරන අංකිත පරිපථයකී.
  • පරිගණකය මගින් ඉටු කරන කාර්යය කුමක් වුව ද මධ්‍ය සැකසුම් ඒකකය(CPU) අතවශ්‍ය වේ.
  • මෙහි ප්‍රධාන් කාර්යය වන්නේ පරිගණක වැඩසටහනක(program) ගබඩා කොට ඇති උපදෙස් ක්‍රියත්මක කිරීමයි.එනම් දත්ත ලබා ගෙන ඒවා ලබ දී
    ඇති උපදෙස්වලට අනුව සැකසීමයි
  • මධ්‍ය සැකසුම් ඒකකය(CPU) බාහිරින් නිරීක්ෂණය කළ නොහැකි අතර එය පද්ධති එකකය තුළ ඇති මව් පුවරුව මත ස්ථානගත කර ඇත.



මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් හදුනා ගනිමු

මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ



මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේයැයි අපි හදුනා ගනු ලැබුවා.අපි එ කොටස් තුන වෙන වෙනම හදුනා ගනිමු,එ අනුව

ගණිතමය හා තාර්කික එකකය(ALU)-


ගණිතමය හා තාර්කික එකකය යනු පරිගණකයේ සියලුම ගණිතමය හ තාර්කික කටයුතු ඉටු කරනු ලබන ඒකකයි..අපි දැන් බලමු මොනවද මේ ගණිතමය හා තාර්කික කටයුතු කියලා.

ගණිතමය කාර්ය- එකතුකිරීම,බෙදීම,අඩු කිරීම,ගුණ කිරීම වැනි ගණනය  කිරීම්
                                       උදා : 2+3=5
තාර්කික කාර්ය  -  සංඛ්‍යා දෙකක් සංසන්දනය කිරීම වැනි තාර්කික ක්‍රියා

                                        උදා : 3>2

පාලන ඒකකය(CU)-

පාලන ඒකකය(control unit) මගින් පරිගණකයට සම්බන්ධ කර ඇති දෘඪාංග අතර සන්නිවේදනය,මෙහෙයවීම හා පාලනය කීරීම සිදු කරයී.එය ආදාන හා ප්‍රතිදානයන්හි දත්ත පාලනය,දත්ත සුදුසු ස්ථානයට  නිවැරදී වේලාවට ‍යැවීම තහවුරු කිරීම හා අදාළ සංඥා (signal)සාර්ථකව ලැබෙන්නේ දැයි විමසිලිමත් වීම යන කාර්ය ද සිදු කරයී.

මතක රෙජිස්තර(Memory register)-

මතක රෙජිස්තර (Memory registers)යනු මධ්‍ය සැකසුම් ඒකකය භාවිතා කරමින් සිටින දත්ත සහ උපදෙස් තාවකාලිකව රදවා තබා ගන්නා ස්ථානයයි.මෙම මතක රෙජිස්තරවල,ගබඩා කර ගැනීමේ ධාරිතාව දෘඪ තැටිය වැනි අනෙකුත් පරිගණක මතක සමග සසදන විට කුඩා අගයක් ගනී.නමුත් එහී වේගවත් බව වැඩී ය.




Comments

Post a Comment